” අපි එනතුරු ගෙදර ඉන්න “වැඩ සටහන

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…..මේ යටතේ පළාතේ විවිධ සේවා සමූපකාර සමිති 38 මගින් රුපියල් 1000,500 ලෙස භාණ්ඩ මලු හා අනෙකුත් අත්‍යවශ්‍ය  භාණ්ඩ සකස් කර ප්‍රාදේශික වලට හා ජංගම අලෙවි රථ මඟින් භාණ්ඩ බෙදා හැරීම  සිදු කරයි.මෙම කටයුතු ක්‍රියාත්මක කිරිමට තම් වගකිමට එහා ගිය මිනිස්කම හදුනාගත්  සමුපකාරිකයින් හා රාජකාරිය දෙවකාරිය කරගත් සමුපකාර සංවර්ධන නිලධාරීන් සහයෝග්‍ය ඉතාමත් අගය කොට සලකමු.

බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකතුමියගේ විශේෂ නිවේදනය ……

බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් ඒකකය මගින් ඔබ සමිතියෙ විශ්‍රාමික සේවකයන් සඳහා ගෙවනු ලබන විශ්‍රාම පාරිතෝෂිතය අද දින සියලුම විශ්‍රාමික සියලුම විශ්‍රාමික සේවකයන්  සඳහා ගෙවීමට කටයුතු කිරීම කළ යුතු අතර ඒ සඳහා පෙබරවාරි මස  විශ්‍රාම පාරිතෝෂිතය පදනම් කර ගනිමින් අදාළ ගෙවීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන්න.

තව ද එම විශ්‍රාමික සේවකයින් ග්‍රාමීය බැංකුව වෙත නොපැමිණුන හොත් ඔවුන් ගේ නිවාස වලට ම එම විශ්‍රාම වැටුප යැවීමට කටයුතු කරන ලෙස ඔබ සමිතියෙ බැංකු සේවා කළමනාකරු වෙත ඒ වගකීම පවරන්න.

රුවිනි. ඒ.විජයවික්‍රම

අධ්‍යක්ෂක

සමුපකාර සේවක විශ්‍රාම වැටුප් ඒකකය

බස්නාහිර පළාත