බස්නාහිර පළාත් සමුපකාර සමිතිවල මුදල් තැන්පත් කිරීමේදී පරීක්ෂා කලයුතු කරුණු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරිම.

99 වෙනි ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම

ජූලි 3 වන දිනට යෙදී තිබුනු 99 වෙනි ජාත්‍යන්තර සමූපකාර දිනය සැමරීම වෙනුවෙන් 2021.07.05 දින අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උත්සවය.ජාත්‍යන්තර සමූපකාර දිනය සෑම වර්ෂයකම ජූලි මස පළමු වන සෙනසුරාදා මෙම දිනය සමරනු ලැබේ.

ඒ අනුව මෙවර කොවිඩ් වසංගතය නිසා 30 දෙනෙකුට සීමාකර සංකේතාත්මකව මෙම උත්සවය පවත්වන ලදී. මෙහිදී විවිධ සේවා, නිෂ්පාදන, සණස සහ ආයතනික සමිති අතර කාර්යසාධන ඇගයීමෙන් ඉහළ ලකුණු අත්කරගත් සමූපකාර සමිති 21 ක් වෙත රන් සම්මාන ප්‍රදානය අතිගරු ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණි.

මෙම අවස්ථාව සඳහා ගරු වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මැතිතුමා, සියලුම පළාත් ආණ්ඩුකාරතුමන්ලා, ජනාධිපති ලේකම්තුමා සහ අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් සහභාගී විය.

රන් සම්මාන ලබාගත් සමුපකාර සමිති,

  1. බස්නාහිර පළාත – සී/ස කෙහෙල්ඇල්ල විවිධ සේවා සමුපකාර සමිතිය
  2. වයඹ පළාත – සි/ස වෙන්නප්පුව විවිධ සේවා සමුපකාර සමිතිය
  3. වයඹ පළාත – සී/ස කුරුණෑගල ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය
  4. දකුණු පළාත – සී/ස ගාල්ල දිස්ත්‍රික් ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය
  5. උතුරු පළාත – Pudukudiyiruppu Palm Coconut Resource Development Cooperative Society Ltd.
  6. බස්නාහිර පළාත – සී/ස දූනගහ පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය
  7. මධ්‍යම පළාත – සී/ස නුවරඑළිය කෘෂිකාර්මික සමුපකාර සමිතිය
  8. දකුණු පළාත – සී/ස මොරවක්කෝරලේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය
  9. බස්නාහිර පළාත – සී/ස මීගමුව දකුණු ධීවර කාර්මිකයන්ගේ සමුපකාර සමිතිය
  10. වයඹ පළාත – සී/ස මැරවල සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය
  11. උතුරු මැද පළාත – සී/ස මැදවච්චිය විවිධ සේවා සමුපකාර සමිතිය
  12. නැගෙනහිර පළාත – සී/ස ලාහුගල කාන්තා නිෂ්පාදන හා සේවා සේවා සමුපකාර සමිතිය
  13. උතුරු පළාත – Jaffna District Development Co-operative Society
  14. උතුරු මැද පළාත – සී/ර රාජාංගනය යාය 6/7 කදුරුගස් වැව සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය
  15. මධ්‍යම පළාත – සී/ස මධයම පළාතේ අධ්‍යාපන සේවා සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය
  16. රේඛීය සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සී/ස සෞඛ්‍ය දෙපාර්තමේන්තු සකසුරුවම් හා ණය ගනුදෙනු පිළිබඳ සමුපකාර සමිතිය
  17. මධ්‍යම පළාත – සී/ස පල්ලෙපොළ විවිධ සේවා සමුපකාර සමිතිය
  18. දකුණු පළාත – සී/ස යක්කලමුල්ල විවිධ සේවා සමුපකාර සමිතිය
  19. ඌව පළාත – සී/ස බුත්තල සමුපකාර ග්‍රාමීය බැංකු සමිතිය
  20. සබරගමුව පළාත – සී/ස කිනිගොඩ කෝරළේ සමූපකාර ඉඩම් උගස් බැංකුව
  21. බස්නාහිර පළාත – සී/ස ගම්පහ සමුපකාර ආරෝග්‍යශාලා සමුපකාර සමිතිය

බස්නාහිර පළාත් සමූපකාර හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම-ක්ෂණික ඇමතුම්  071-5433433

බස්නාහිර පළාත් සමූපකාර හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ ජනතාව වෙත ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා.

මෙම වැඩපිළිවෙල සඳහා තෝරාගෙන ඇත්තේ බස්නාහිර පළාත තුල සමූපකාර වේ.සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුළ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඔබේ ප්‍රදේශයේ සමූපකාරයෙන් ඇනවුම් කර ලබා ගත හැකියි. ඒ සඳහා ක්ෂණික දුරකතන ඇමතුම් අංකයක් ද හදුන්වා දී තිබෙනවා.0715433433 අංකය ඇමතීමෙන් ඒ පිළිබද තොරතුරු ලබා ගත හැකියි.

සමුපකාර සමිති කාර්යසාධන තරඟාවලිය අදාල නිර්ණායක ‌ හා අයදුම්පත්‍ර

සමුපකාර සමිති කාර්ය සාධන තරඟාවලිය – 2021

99 වන ජාත්‍යත්තර සමුපකාර දිනය සැමරීම සඳහා සමගාමීව සමුපකාර සමිති සඳහා කාර්ය සාධන තරඟාවලියක් පැවැත්වීමට සමුපකාර සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශය විසින් කටයුතු සංවිදානය කර ඇත. ඒ අනුව සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව (රේඛීය) හා පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවල මෙහෙයවීම යටතේ මෙ තරඟාවලිය ක්‍රියාත්මක කිරීට අපේක්ෂිතය. මෙම තරඟාවලිය පහත සඳහන් කාණ්ඩ යටතේ පැවැත්වේ.

· විවිධ සේවා සමුපකාර සමිති

· ප්‍රජා මූල සේවා සමුපකාර සමිති

· ආයතනික සමුපකාර සමිති

· නිශ්පාදන හා සේවා සමුපකාර සමිති

02) මෙම තරඟාවලිය සඳහා අයදුම්පත් 2021.03.01 දින සිට 2021.03.25 දින දක්වා  භාර ගන්නා අතර   අදාල අයදුම්පත් හා නිර්ණායක බාගත කර ගැනීමට (DOWNLOAD ) පහත ලින්ක් මත ක්ලික් කරන්න

https://www.coop.wp.gov.lk/si/?page_id=5442

විශේෂ දැනුම්දීමයි.

බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තුමේන්තුව ප්‍රධාන කාර්යාලයයෙන් හා කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික් සහකාර කොමසාරිස් කාර්යාල හෝ එම කාර්යාලයට අනුයුක්ත නිලධාරින් මගින් ඔබට අවශ්‍ය කාර්යයන් ඉටු කර ගැනීමේ යම් ගැටළුවක් මතු වන අවස්ථාවක එම ගැටළුව සම්බන්ධයෙන් හා පහත සදහන් දුරකථන අංකය, ෆැක්ස් මගින් හෝ විද්‍යුත් ලිපිනයට දන්වන මෙන් කාරුණිකව ඉල්ලමි.

දුරකථන අංකය 011-232075

ෆැක්ස් අංකය   011-2329270    

විද්‍යුත් ලිපිනය – coopdepwp@gmail.com

 

 

රුවිනි.ඒ.විජයවික්‍රම

සමූපකාර සංවර්ධන කොමසාරිස් සහ

සමූපකාර සමිති රෙජිස්ට්‍රාර්(වැ.බ)

බස්නාහිර පළාත

 

 

ඩිජිටල් සිතියම් ගත කිරීමේ වැඩසටහන

බස්නාහිර පළාතේ  දිස්ත්‍රික් හා ප්‍රාදේශිය මටිටමින් සමූපකාර ව්‍යාපාරය නගා සිටුවිමේ වැඩසටහන යටතේ මුංවත්ත බටහිර ග්‍රාමීය බැංකු සමිතිය ,කොළඹ දකුණ සමුපකාර සමිතිය ඇතුළු බස්නාහිර පළාත තුළ විවිධ සේවා සමුපකාර සමිති හා ඒවායේ ප්‍රාදේශික, ග්‍රාමීය බැංකු, ඉන්ධනහල්,මල් ශාලා, කෝප් සිටි, මිනි කෝප් සිටි, මෙගා කෝප්, සිල්ලර වෙළඳසැල්, කෝප් අරෝග්‍යශාලා, පෙර පාසල් ආදීය පිහිටි ස්ථාන ඩිජිටල් සිතියම් ගත කිරීමේ වැඩසටහනක් බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමිති රේජිස්ට්‍රාර්  රුවිනි ඒ.විජයවික්‍රම මහත්මියගේ මගපෙන්වීම යටතේ 2020.05.27 දින සංවිධානය කර දින තුනක් ඇතුලත බස්නාහිර පළාතම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. මෙම වැඩසටහන මගින් ඕනෑම ප්‍රාදේශයක  සමුපකාර ව්‍යාපාරයේ ව්‍යපෘතිය පහසුවෙන් ඩිජිටල් සිතියමක එක් නිමේෂයකින් හදුනා ගැනීමටත් හා ප්‍රාදේශවල සමුපකාර ව්‍යාපාරය තව දුරටත් නගා සිටුවිමට අවශ්‍ය කරුණු රැසක් අනාවරණය කර ගන්නා ලදී.

මෙම වැඩසටහන සාර්ථකව සිදු කිරීමට සඳහා බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්තුමියගේ මඟපෙන්වීමත්, මෙම කාර්යය සදහා නවීන තක්ෂණය යෙදා ගනිමින් සිදු කල අතර ඒ සඳහා   Nanosoft Global(Pvt)Limited අයතයේ පරිඝනක මෘදුකාංග සහයෝගයත්, දිස්ත්‍රික් 3 හි සමූපකාර සංවර්ධන සහකාර කොමසාරිස්තුමන්ලාගේ හා අධ්‍යාපන හා නියාමන අංශවල මුලස්ථාන පරීක්ෂකවරු ඇතුළු මෙම කාර්යය සම්බන්ධ වු සමුපකාර සංවර්ධන නිලධාරීන්ගෙත්, සමිති භාර සංවර්ධන නිලධාරින් සහ  බස්නාහිර පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල සභාපතිවරුන්ගේ ඇතළු සේවකයන්ගේ සහය ලැබුණි.

විශ්‍රාම වැටුප් ගෙදරටම…………

අපි එනතුරු ගෙදර ඉන්න” යටතේ විවිධ සෙවා සමුපකාර සම්ති වල තවත් සතකාරයක්.බස්නාහිර පළාතේ විවිධ සේවා සමිති 38 හි ග්‍රාමීය බැංකු වලින් විශ්‍රාම වැටුප් ලබා ගන්නා විශ්‍රාමලාභින්ට අදාල  මුදල් ගෙදරට ම ගොස් ලබා දීම සිදු කලා.

දුරකථනය මඟින් භාණ්ඩ ඇණවුම්  කිරිමේ පහසුකම්

අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන …….
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…මේ යටතේ මිනුවන්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතිය අද සිට දුරකථනය මඟින්  භාණ්ඩ ඇණවුම්  කිරිමේ පහසුකම් යටතේ පහත package 9 අදාළ ව පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ගෙදරටම ගෙනවා ගැනීමේ පහසුකම්  ආරම්භ කර ඇති බව සතුටින් දනුම් දෙමු.

“අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව…….

“අපි එන තුරු ගෙදර ඉන්න” වැඩසටහන අඛන්ඩව…….
කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…..මේ යටතේ කොළඹ ,කළුතර, ගම්පහ දිස්ත්‍රික්ක පුරා විහි දී ඇති විවිධ සේවා සමූපකාර සමිති 38 මගින් රුපියල් 1000,500 ලෙස භාණ්ඩ මලු හා එළවලු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ සකස් කර ප්‍රාදේශික වෙළඳ සැල් ,කොප්සිටි වලට හා ජංගම අලෙවි රථ මඟින් භාණ්ඩ බෙදා හැරීම සිදු කරයි.මෙම කටයුතු ක්‍රියාත්මක කිරිමට තම වගකිමට එහා ගිය මිනිස්කම හදුනාගත් සියලුම සමිති වල සමුපකාරිකයින් හා බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හා සමුපකාර සමිති රෙජිස්ටාර් රුවිනි ඒ විජේවික්‍රම මහත්මියගේ ඇතුළු රාජකාරිය දෙවකාරිය කරගත් සමුපකාර සංවර්ධන නිලධාරීන් සහයෝග්‍ය ඉතාමත් අගය කොට සලකමු.
කොරෝනා වෛරසය අප රටින් තුරන් කිරිමට ඔබ සියලු දෙනා දක්වන මෙම දායකත්වය අඛන්ඩව ක්‍රියත්මක කිරිමට ශක්තිය ධෛර්ය ලැබේවා !!!

 
.