” අපි එනතුරු ගෙදර ඉන්න “වැඩ සටහන

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන…..මේ යටතේ පළාතේ විවිධ සේවා සමූපකාර සමිති 38 මගින් රුපියල් 1000,500 ලෙස භාණ්ඩ මලු හා අනෙකුත් අත්‍යවශ්‍ය  භාණ්ඩ සකස් කර ප්‍රාදේශික වලට හා ජංගම අලෙවි රථ මඟින් භාණ්ඩ බෙදා හැරීම  සිදු කරයි.මෙම කටයුතු ක්‍රියාත්මක කිරිමට තම් වගකිමට එහා ගිය මිනිස්කම හදුනාගත්  සමුපකාරිකයින් හා රාජකාරිය දෙවකාරිය කරගත් සමුපකාර සංවර්ධන නිලධාරීන් සහයෝග්‍ය ඉතාමත් අගය කොට සලකමු.

බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂකතුමියගේ විශේෂ නිවේදනය ……

බස්නාහිර පළාත් විශ්‍රාම වැටුප් ඒකකය මගින් ඔබ සමිතියෙ විශ්‍රාමික සේවකයන් සඳහා ගෙවනු ලබන විශ්‍රාම පාරිතෝෂිතය අද දින සියලුම විශ්‍රාමික සියලුම විශ්‍රාමික සේවකයන්  සඳහා ගෙවීමට කටයුතු කිරීම කළ යුතු අතර ඒ සඳහා පෙබරවාරි මස  විශ්‍රාම පාරිතෝෂිතය පදනම් කර ගනිමින් අදාළ ගෙවීම් කටයුතු සිදු කිරීමට කටයුතු කරන්න.

තව ද එම විශ්‍රාමික සේවකයින් ග්‍රාමීය බැංකුව වෙත නොපැමිණුන හොත් ඔවුන් ගේ නිවාස වලට ම එම විශ්‍රාම වැටුප යැවීමට කටයුතු කරන ලෙස ඔබ සමිතියෙ බැංකු සේවා කළමනාකරු වෙත ඒ වගකීම පවරන්න.

රුවිනි. ඒ.විජයවික්‍රම

අධ්‍යක්ෂක

සමුපකාර සේවක විශ්‍රාම වැටුප් ඒකකය

බස්නාහිර පළාත

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන….. අත්තනගල්ල විවිධ සේවා සමුපකාර සමිතිය භාණ්ඩ බෙදා හැරීමේ ජංගම අලෙවි රථය මේ වන විට මීවිටිය. වීරසූරිය කන්ද. දඹුටුව යන ප්‍රදේශවල ගමන් කරයි..

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන….. අත්තනගල්ල විවිධ සේවා සමුපකාර සමිතිය භාණ්ඩ බෙදා හැරීමේ ජංගම අලෙවි රථය මේ වන විට මීවිටිය. වීරසූරිය කන්ද. දඹුටුව යන ප්‍රදේශවල ගමන් කරයි..

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා බස්නාහිර පලාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කර ඇති “අපි එන තුරු ගෙදර ඉන්න” වැඩ සටහන

 

කොරොනා වෛරසය ශිු ල‍ංක‍‍ා‍වෙන් තුරන් කිරීම හා අත්‍යාවශ්‍ය භ‍ාණ්ඩ බෙදා හැරීම

 

 

 

 

 

 

 

 

 

2018 වර්ෂයේ ප්‍රගති සමාලෝචන රැස්වීම.

බස්නාහිර පළාතේ විවිධ සේවා සමුපකාර සමිති සඳහා වූ 2018 වර්ෂයේ ප්‍රගති සමාලෝචන රැස්වීම.

බස්නාහිර පළාතේ විවිධ සේවා සමුපකාර සමිතිවල 2018 වර්ෂයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා වූ ප්‍රගති සමාලෝචන රැස්වීම පසුගිය දෙසැම්බර් 20 දින බත්තරමුල්ල රන්මගපාය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි. බස්නාහිර පළාත් සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ලලිත් වනිගරත්න මැතිතුමා සහ බස්නාහිර පළාත් සමූපකාර කොමසාරිස් හා රෙජිස්ත්‍රාර් පී.ඒ.ඒ.එස්.වීරසේකර මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

බස්නාහිර පළාතේ ක්‍රියාත්මක වන සමස්ත විවිධ සේවා සමුපකාර සමිති සංඛ්‍යාව සමිති 38 කි. එය මේ වන විට පළාතේ ජනතාවට පාරිභෝගික, බැංකු ආදී විවිධ අංශ ඔස්සේ විශාල සේවාවක් සපයමින් සිටී. තවදුරටත් විවිධ සේවා සමුපකාර සමිති ක්ෂේත්‍රය බල ගන්වමින් එහි සේවාවන් තව තවත් මහජනතාවට සමීප කිරීමට කැපවීමෙන් කටයුතු කළ යුතු බව මෙම ප්‍රගතසමාලෝචන රැස්වීමේදී අවධාරණය කෙරිණි.

ග්‍රාමීය බැංකු මෙහෙයුම් ක්‍රියාවලිය පිළිබඳ පුහුණු වැඩමුළුව