සංවර්ධන අංශයේ කාර්යභාරය
- සමුපකාර සමිතිවල පිරිස්බල තක්සේරු අනුමත කිරීම හා සංශෝධනය කිරීම.
- සමුපකාර සමිතිවල අධ්යක්ෂ මණ්ඩල පත් කිරීම්, ඉවත් කිරීම් සිදු කිරීම.
- සමුපකාර සංවර්ධන කොමසාරිස්වරයාගේ පූර්ව අනුමැතිය සහිතව සිදු කරන අතුරු ව්‍යවස්ථා සංශෝධන සිදු කිරීම.
- සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරුන්ට අනුමැතිය ලබා දිය නොහැකි මූල්‍ය වටිනාකමක් ඇති වත්කම් මිල දි ගැනීමට සහ බැහැර කිරීමට අනුමැතිය ලබා දීම.
- සමුපකාර සංවර්ධන සහකාර කොමසාරිස්වරුන්ට අනුමැතිය ලබා දිය නොහැකි මූල්‍ය වටිනාකමක් ඇති ඉදිකිරීම් සඳහා අනුමැතිය ලබා දීම.
- සමුපකාර සමිතිවල අධ්යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩල විදේශගත වීමට සහ වියදම් දැරීමට අනුමැතිය ලබා දීම.
- සමුපකාර අරමුදලෙන් සමුපකාර සමිතිවලට ණය ලබා ගැනීමට අවශ්‍ය අනුමැතිය ලබා දීම.
- සමුපකාර සමිතිවලට නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී අවශ්‍ය අනුමැතිය ලබා දීම.
- සමුපකාර සේවක කොමිෂන් සභාව, සමුපකාර සංවර්ධන රේඛීය දෙපාර්තමේන්තුව හා අනෙකුත් සමුපකාර ව්‍යාපාරයට සම්බන්ධ ආයතනවලට අවශ්‍ය වාර්තා සැපයීම හා සමුපකාර සමිති හා මෙම ආයතන අතර සම්බන්ධීකරණය.
- මහජන පෙත්සම් සහ සමිතිවල වංචා, දුෂණ හා අක්රමිකතාවලට අදාල පරීක්ෂණ සහකාර කොමසාරිස් කාර්යාල හරහා සිදු කර නිර්දේශ සහිතව වාර්තා අදාල අංශවලට හා ආයතනවලට යොමු කිරීම.
- අංශයේ ක්‍රියාකාරීත්වයට අදාල චක්‍රලේඛ නිකුත් කිරීමට අවශ්‍ය නිර්දේශ සමුපකාර සංවර්ධ කොමසාරිස්වරයාට ලබා දීම.
- බස්නාහිර පළාත බල සීමාව වන සමුපකාර සමිති ලියාපදිංචි කිරීම, අධීක්ෂණය කිරීම සහ සංවර්ධන කටයුතුවලට අවශ්‍ය සහය ලබා දීම.
Scroll to top